EVENT NEWS 2026

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු හා දකුණු ආසියා ශාඛාවේ සහකාර ලේකම් නාවික හමුදාධිපති හමුවෙයි

30 Jul 2026

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු හා දකුණු ආසියා ශාඛාවේ සහකාර ලේකම් කැරන් රැඩ්ෆර්ඩ් (Ms. Karen Radford) මහත්මිය, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (2026 ජූලි 30) නාවික මූලස්ථානයේදී හමු වූවාය.

මෙහිදී පැවති සාකච්ඡාවේදී, දෙපාර්ශ්වයටම වැදගත් වූ කරුණු රැසක් පිළිබඳව සහකාර ලේකම් කැරන් රැඩ්ෆර්ඩ් මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් (Colonel Amanda Johnston) මහත්මිය ද සහභාගි වූවාය.

අනතුරුව, මෙම හමුවේ සුවිශේෂීත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි

Accessibility Tools