EVENT NEWS 2026

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස කොමදෝරු අරුණ විජයවර්ධන වැඩ භාර ගනියි

24 Jul 2026

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 31වන ආඥාපති වශයෙන් පත් කෙරුණු, කොමදෝරු අරුණ විජයවර්ධන, අද (2026 ජුලි 24) වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය වෙත කොමදෝරු අරුණ විජයවර්ධන පිළිගැනීමෙන් අනතුරුව, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සුජීව වීරසූරිය විසින් ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් සුජීව වීරසූරිය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානය වෙතින් සමුදීම සිදුකෙරුණි.

Accessibility Tools