EVENT NEWS 2026

ඩෙංගු උවදුර මැඩලීමේ ජාතික මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රීය දායකත්වය

16 Jul 2026

“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාව පෙරදැරි කරගනිමින් සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙයි. මෙම ජාතික වැඩසටහන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.

2026 ජූලි මස 15 වන දිනට මෙම ඩෙංගු මර්දන වැඩසටහනේ දොලොස්වන (12) දිනය සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන සාමාජිකයින් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් අසූඅට දෙනෙකු (88) මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව, මෝදර, ගම්පහ, රාගම, බොරැල්ල, පානදුර, නාරාහේන්පිට, කැළණි, මහර සහ වත්තල යන ප්‍රදේශයන්හි ස්ථාන දෙදහස් අටසිය දහසයක් (2,816) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන එකසිය එකොලහක් (111) හදුනා ගන්නා ලදි.

මෙම ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, පරිසරය විධිමත්ව පරීක්‍ෂා කොට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන, ඒවා ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සියලුම නාවික විධානයන් තුලද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

Accessibility Tools