EVENT NEWS › 2026

නාවික හමුදාධිපති අභිනවයෙන් අධිකාරියට පත් කළ සමුද්‍රවිජය නෞකාවේ නිල සංචාරයක නිරත වෙයි

10 Jun 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, අභිනවයෙන් අධිකාරියට පත් කරන ලද, ශ්‍රී ලංකා නාවික නෞකා සමුද්‍රවිජය නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක් 2026 ජුනි මස 05 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් සිදුකරන ලදි.

මෙහිදී, නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් පද්ධති, තාක්ෂණික හැකියාවන් සහ කාර්ය මණ්ඩලයේ මෙහෙයුම් සූදානම පිළිබඳව එහිදී නාවික හමුදාධිපතිගේ නිරීක්‍ෂණයට ලක් විය. එමෙන්ම, නෞකාවේ කාර්ය මණ්ඩලයේ වෘත්තීය හැකියාවන් සහ නෞකාව අධිකාරියට පත්කිරීමේ උත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් සිදුකල කැපවිම අගයමින් නෞකාවේ අණදෙන නිලධාරී වෙත නාවික හමුදාධිපති විසින් ප්‍රශංසාත්මක ලිපියක් පිරිනැමීමද මෙහිදි සිදුකරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සහ බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Accessibility Tools