Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

14 Jun 2026

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව 2026 ජුනි මස 10 වැනි දින දිවයිනට පැමිණි අතර, මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු, එම නෞකාව අද (2026 ජුනි 13) දිවයිනෙන් පිටත් විය. ‘INS SHARDA’ නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

ඒ අනුව, ‘INS SHARDA’ නෞකාවේ අණදෙන නිලධාරී, බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර නිල හමුවන් විධාන මූලස්ථානයේදී සහ දියත් විධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි.

‘INS SHARDA’ නෞකාව දිවයිනේ රැදී සිටි කාලසීමාව තුලදී නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් අතර සුහද අත්පන්දු තරගයක් පැවැත්වු අතර, යෝගා වැඩසටහනක් සඳහාද දෙරටේ නාවික හමුදා සාමාජිකයින් සහභාගි විය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් වෙත නෞකාව නැරඹීම සඳහා ද අවස්ථාව හිමි විය. තවද, නෞකාවේ කාර්යය මණ්ඩලය දිවයිනේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකද සංචාරය කරන ලදි.

Accessibility Tools