EVENT NEWS › 2026

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

18 Nov 2026

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ (Association of Retired Flag Rank Officers – ARFRO) සභාපති මේජර් ජෙනරාල් සුසිල් චන්ද්‍රපාල (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුත් එම සංගමයේ නියෝජිත පිරිසක් අද දින (2026 නොවැම්බර් 18) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.

මෙම හමුවේදී විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සුබසාධනය සහ ඔවුන්ගේ අඛණ්ඩ සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්, එම සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ ඉදිරි සැලසුම් පිළිබඳව නාවික හමුදාධිපති දැනුවත් කර, සංගමය වෙත නාවික හමුදාව ලබාදෙනු ලබන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති විසින් එම සංගමයේ කෘතඥතාව පළ කරනු ලැබීය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවා අභිමානය, සහෝදරත්වය සහ ජාතික වගකීම් පිළිබඳ හැඟීම අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙන්ම, ඔවුන්ගේ අත්දැකීම් හා දැනුම ජාතික ප්‍රගමනය සඳහා යොදා ගැනීමට සංගමය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය එහිදී නාවික හමුදාධිපති විසින් ඇගයීමට ලක් ‍කෙරිණි.

තවද, මෙම ආවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

Accessibility Tools