EVENT NEWS › 2026

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ අභිනව ආඥාපති හා අණදෙන නිලධාරි ලෙස කපිතාන් ධම්මික ගමගේ වැඩ භාර ගනියි

20 Nov 2026

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ අභිනව ආඥාපති හා අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කපිතාන් ධම්මික ගමගේ, අද දින (2026 නොවැම්බර් 20) ශික්‍ෂා ආයතනයේදී, එම ධූරයන්හී රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කපිතාන් ධම්මික ගමගේ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනය වෙත පිළිගැනීමෙන් පසුව, එම ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී ධූරය හෙබවූ කපිතාන් කැළුම් මාරඹගේ විසින් රාජකාරී භාරදීම සිදු කෙරුණි.

තවද, තිස් තුන්වන (33) බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 2003 වර්ෂයේ ජුනි මස 07 වැනි දින අධිකාරියට පත් කපිතාන් ධම්මික ගමගේ, ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී ලෙස පත්වීමට ප්‍රථම, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.

Accessibility Tools