අභිනව නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස කොමදෝරු නිලංක කංකානම්ගේ වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස පත් කෙරුණු කොමදෝරු නිලංක කංකානම්ගේ, අද දින (2026 නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී එම ධුරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1994 වර්ෂයේ නොවැම්බර් මස 08 වැනි දින අධිකාරියට පත් කොමදෝරු නිලංක කංකානම්ගේ, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ධූරයේ වැඩ භාර ගැනීමට ප්‍රථම අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.
1 /
6













