EVENT NEWS › 2026

නැගෙනහිර නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් කල්කුඩා නිලධාරී නිවාඩු නිකේතනය විවෘත කෙරේ

06 Nov 2026

නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ කල්කුඩා අනුඛණ්ඩය තුළ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරී නිවාඩු නිකේතනය විවෘත කිරීම 2026 නොවැම්බර් මස 05 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, කල්කුඩා නාවික අනුකණ්ඩයේ පැවති නිලධාරී නිවාසය නවීකරණය කිරීමෙන් පසුව මෙලෙස නිවාඩු නිකේතනයක් ලෙස පරිවර්ථනය කරනු ලැබූ අතර, නිලධාරින්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් මෙම නිවාඩු නිකේතනය වෙන් කර ගැනීමට හැකියාව ඇත.

තවද, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරි ත්‍රිකුණාමලය (දකුණ) කපිතාන් රවින්දු හරිස්චන්ද්‍ර, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් උදයවීර කුමාරනතුංග ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

Accessibility Tools