ලුතිනන් කොමාණ්ඩර් ලක්ෂාන් රාමවික්‍රම විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ සත්ත්ව ආරක්‍ෂණ නීතිය’ කෘතිය නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි
‘ශ්‍රී ලංකාවේ සත්ත්ව ආරක්‍ෂණ නීතිය’ නමින් ලුතිනන් කොමාණ්ඩර් ලක්ෂාන් රාමවික්‍රම විසින් රචිත නීති අධ්‍යාපනික කෘතියක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත පිළිගැන්වීම, අද දින (2026 නොවැම්බර් 17) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, නීති අධ්‍යයනය සම්බන්ධයෙන් සිදුකළ ගවේෂණයක් තුලින් රචිත මෙම කෘතිය එහිදී නාවික හමුදාධිපති විසින් ඇගයීමට ලක් කරනු ලැබීය.
සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම දක්වා අනුගමනය කල යුතු නීතිමය ක්‍රියාවලිය, සතුන් සම්බන්ධ වැරදි සඳහා අදාල වන දඩ මුදල්, සිරදඬුවම්, නඩු තීන්දු, සතුන්ගෙන් සිදුවන හානි සඳහා හිමිකරුවන් සතු වගකීම් සහ සතුන් ප්‍රවාහනය කිරීම යනාදී කාරණා සම්බන්ධ නීතිමය කරුණු මෙම කෘතිය මඟින් සරලව හා පැහැදිලි ලෙසින් ලුතිනන් කොමාණ්ඩර් ලක්ෂාන් රාමවික්‍රම විසින් රචනා කර ඇත.













