ත්‍රිකුණාමලය නාවික රෝහල ජාතික ඵලදායිතා සම්මාන 2025/26 හි රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාණ ආයතන කාණ්ඩයේ දෙවන ස්ථාන අතරට පැමිණෙයි
ජාතික ඵලදායිතා සම්මාන 2025/2026 හිදී රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාණ ආයතන කාණ්ඩයේ දෙවන ස්ථාන හිමිකරගත් ආයතන ත්‍රිත්වය (03) වෙත ඇතුළත් වූ ත්‍රිකුණාමලය නාවික රෝහල, ජාතික ඵලදායීතා සම්මානය දිනා ගැනීමට සමත් විය. 2026 නොවැම්බර් මස 08 වැනි දින, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදාන උත්සවයේදී, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම් කපිල ජයසේකර මැතිතුමා විසින් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සේවා, ශෛල්‍ය වෛද්‍ය කපිතාන් දුමින්ද සමරවික්‍රම වෙත ත්‍රිකුණාමලය නාවික රෝහලට හිමි එම ඵලදායිතා සම්මානය පිරිනමණු ලැබීය.
ත්‍රිකුණාමලය නාවික රෝහලෙහි සේවාවන් ඉහල කාර්යක්ෂමතාවයකින් හා ඵලදායිතාවයකින් යුතුව මෙහෙයවීම වෙනුවෙන්; නායකත්වය, සේවාලාභින්ගේ අදහස්, සැලසුම් හා උපායමාර්ගික දැක්ම, මානව සම්පත් කළමනාකරණය, ක්‍රියාවලි සහ දැනුම් කළමනාකරණය, සංවිධානයේ ප්‍රතිඵල සහ ඵලදායී නවෝත්පාදන ව්‍යාපෘති යන නිර්ණායක මෙම ඵලදායිතා සම්මාන හිමිගැන්වීම සඳහා ප්‍රධාන ඇගැයීමේ නිර්ණායක විය.
ඒ අනුව, එම නිර්ණායක මත සිදුකෙරුණු ඇගයීම් ක්‍රියාවලියේදී, රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාණ ආයතන කාණ්ඩයේ දෙවන ස්ථාන හිමිකරගත් ආයතන ත්‍රිත්වය (03) වෙත ඇතුළත් වීමට ත්‍රිකුණාමලය නාවික රෝහල වෙත හැකිවීම, සෞඛ්‍ය වෛද්‍ය සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරනු ලබන සුවිශේෂී අවස්ථාවක් වේ.













