‘දිට්වා’ සුළි කුණාටුව හමුවේ කලා ඔය බස් රථයේ සිරවූ පුද්ගලයින් 69ක් බේරාගත් නාවික හමුදා පුද්ගලයින් වෙත ජාත්‍යන්තර හා ජාතික ජීවිතාරක්ෂක පදක්කම්
2025 වර්ෂයේදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් කලා ඔය ප්‍රදේශයේදී අපදාවට පත් මගී බස් රථයක සිරවී සිටි සිවිල් වැසියන් හැට නව දෙනෙකු (69) නිරුපද්‍රිතව මුදා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙකු (03) වෙත පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සේවා පදක්කම හා ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක වීර පදක්කම සහ සහතිකපත් පිරිනැමීම, අද දින (2026 නොවැම්බර් 19) කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවසේදී සිදුකෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ගරු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා සහ ගරු ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth මහතාගේ ප්‍රධානත්වයෙන්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජකීය ජීවිතාරක්‍ෂක සංගමය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමය එක්ව සංවිධානය කල මෙම උත්සවයේදී, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ සමූහ ප්‍රධාන සුළු නිලධාරී එස්ඒඊඑල් සේනවිරත්න, නායක නැවි බීකේඒ ප්‍රසාද් සහ බල නැවි එස්ටීඩී අබේරත්න යන නාවික හමුදා පුද්ගලයින් වෙත පදක්කම් සහ සහතිකපත් පිරිනමණු ලැබීය.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමයේ සභාපති අතුල සේනාරත්න මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.













