EVENT NEWS › 2026

දකුණු නාවික විධාන නාවික ඇඟළුම් කම්හලේ 18 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක්

07 Nov 2026

දකුණු නාවික විධානයේ ගාල්ල කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි නාවික ඇඟළුම් කම්හලෙහි 18 වන සංවත්සරය වෙනුවෙන්, එම ඇඟළුම් කම්හලෙහි කාර්යය මණ්ල‍යේ දායකත්වයෙන් සංවිධානය කෙරුණු ලේ දන් දීමේ වැඩසටහනක් අද දින (2026 නොවැම්බර් 07) එම පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ රුධිර සංචිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් එම රෝහල සහ දකුණු නාවික විධාන රෝහල එක්ව සංවිධානය කෙරුණු මෙම සමාජ සත්කාර්යය සඳහා, විධාන කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුවේ නාවික හමුදා පුද්ගලයන්, ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුලවල සාමාජිකයන් ඇතුළු පිරිසක් දායක වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ විධායක නිලධාරී කොමාණ්ඩර් ඉරංග ස්වර්ණහංස, විධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් මධුක රණවීර ඇතුළු නාවික හමුදා පුද්ගලයන්, නාවික ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools