EVENT NEWS › 2026

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 33ක් වෙත මූලික නාවික ශිල්පීය දැනුම පිළිබඳ පුහුණු පාඨමාලාවක් ත්‍රිකුණාමලයේදි

17 Nov 2026

ශ්‍රී ලංකා පොලීසියේ ජීවිතාරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් ප්‍රථම වරට ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පවත්වන ලද මූලික නාවික ශිල්පීය දැනුම පිළිබඳ පුහුණු පාඨමාලාව 2026 නොවැම්බර් මස 17 වැනි දින සාර්ථකව නිමාවට පත්විය.

ඒ අනුව, මූලික නාවික ශිල්පීය දැනුම පිළිබඳ මෙම තෙදින (03) පාඨමාලාව තුලදී, ජීවිතාරක්‍ෂක කටයුතු සඳහා බහුලව භාවිත කරනු ලබන ගැට වර්ග පිළිබඳ ප්‍රායෝගික දැනුම, ජීවිතාරක්‍ෂක උපකරණ නිවැරදිව හැසිරවීම හා නඩත්තුව, ආධාරක සහ ජීවිතාරක්‍ෂක පහුර (Life Rafts) පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම සිදුකෙරිණි.

Accessibility Tools