නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මාතලේ ඉබුල්ගොල්ලදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹල්ඔලුව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2026 නොවැම්බර් මස 11 වැනි දින එම විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.
වකුගඩු ආශ්‍රිත රෝගීන් වාර්තා වන, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ඟග කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉබුල්ගොල්ල ග්‍රාමයේ පිහිටි කුඹල්ඔලුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් ඇතුළු එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික පානීය ජල අවශ්‍යතාවය, සපුරා ගැනීම වසර ගණනාවක් පුරා නොවිසඳී පැවති ගැටළුවක් විය.
ඒ අනුව, එම අවශ්‍යතාවය හඳුනාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සිරස ගම්මැද්ද සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන්, ස්ථාපිත කෙරුණු මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ඔලුව ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියන් මෙන්ම, ඉබුල්ගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමත් සමඟ, නාවික හමුදාවේ දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1,165ක් ජනතා අයිතියට පත්කර ඇත.













