මියගිය සේවා පුද්ගලයන් සිහිකිරීම කිරිම සඳහා නාවික හමුදාව දායක වෙයි
පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් මියගිය සේවා පුද්ගලයන් සිහිකිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද සිහිකිරීමේ උත්සවය අද දින (2026 නොවැම්බර් 08) කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අභියසදි, අග්‍රාමාත්‍ය ගරු හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ගුවන් හමුදාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
පළමුවන හා දෙවන ලෝක සංග්රාමයන්හි දී මියගිය සේවා පුද්ගලයන් සිහිපත් කිරීම උදෙසා ආරම්භ වී ඇති මෙම සිහිකිරීමේ දිනය, වර්තමානයේදී මියගිය සියළුම සේවා පුද්ගලයන් සිහිකිරීම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය නාවික හමුදා මූලස්ථානයේදී පැවති අතර, ඊට සමඟාමීව සියළුම නාවික විධාන ආවරණය වන පරිදි මියගිය සේවා පුද්ගලයන් සිහිකිරීම සඳහා කටයුතු සංවිධානය කරනු ලැබීය.
තවද, නාවික හමුදා මූලස්ථානයේදී පැවති සිහි කිරීමේ උත්සවය අධ්යක්ෂ ජෙනරාල් ප්‍රතිපත්ති හා සැලසුම් රියර් අද්මිරාල් ජයන්ත බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට සමඟාමීව පැවති උතුරු නාවික විධාන සිහිකිරීමේ උත්සවය එම විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්රධානත්වයෙන්ද, නැගෙනහිර නාවික විධාන සිහිකිරීමේ උත්සවය එම විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්ගේ ප්රධානත්වයෙන්ද, ගිණිකොන නාවික විධාන සිහිකිරීමේ උත්සවය එම විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුජීව විජේවර්ධනගේ ප්රධානත්වයෙන්ද, උතුරු මැද නාවික විධාන සිහිකිරීමේ උත්සවය එම විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්නගේ ප්රධානත්වයෙන්ද, වයඹ නාවික විධාන සිහිකිරීමේ උත්සවය එම විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මාලන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දකුණ නාවික විධාන සිහිකිරීමේ උත්සවය එම විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අරුණ වීරසිංහගේ ප්‍රධානත්වයෙන් සහ බටහිර නාවික විධාන සිහිකිරීමේ උත්සවය එම විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අරුණ විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම විධානයන්ට අයත් නෞකා හා ආයතනයන්ගේ නාවික හමුදා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.













