ධීවර ප්‍රජාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ හා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කන්කසන්තුරේදී
උතුරු ප්‍රදේශයේ ධීවර කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ සාකච්ඡාවක් 2026 නොවැම්බර් මස 03 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කන්කසන්තුරේ උතුරු විධාන මූලස්ථානයේදී පැවැත්විනි.
ඒ අනූව මෙම වැඩසටහන තුලදී, ධීවර ප්‍රජාව මුහුණ දෙනු ලබන අභියෝග, නීතිවිරෝධී ධීවර කටයුතු, මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම්, නියාමන කටයුතු මෙන්ම සාගර සම්පත් සුරැකීම උදෙසා තිරසර ධීවර පන්න ක්‍රම භාවිතයෙහි වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමු විය. එමෙන්ම, මෙම ගැටලු ඵලදායී ලෙස විසඳා ගැනීම සහ නීත්‍යනුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ධීවර සමිති අතර සම්බන්ධීකරණය සහා තොරතුරු හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කෙරෙහිඳ එහිදී විශේෂ අවධානය යොමු කෙරිනි.
තවද, මෙම අවස්ථාව සඳහා උතුර නාවික විධානයයට අයත් නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂ කේ. අකිලන් මහතා ඇතුළු ධීවර පරීක්ෂකවරුන් සහ ප්‍රදේශයේ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.













