දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමයේ සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති රියර් අද්මිරාල් රොහාන් අමරසිංහ (විශ්රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු වෙත පොපි මලක් පැළඳවීම අද දින (2026 නොවැම්බර් 18) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
1918 නොවැම්බර් මස 11 වැනි දින, පළමු ලෝක සංග්රාමය අවසානයේදී, මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා ආරම්භ වූ මෙම පොපි මල් සැමරුම, අද වන විට මව්බිම වෙනුවෙන් දිවිපිදු සියළුම විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් පවත්වනු ලබයි. ඒ අනුව, සියළුම වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවීම මෙලෙස සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්රී ලංකා නාවික හමුදා සංගමයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.













