නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් වැඩ භාර ගනියි
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් අද දින (2026 නොවැම්බර් 06) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව අභිනව ආඥාපති නැගෙනහිර නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කල රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින් එම විධාන මූලස්ථානයේදී නිල වශයෙන් නව ආඥාපති වෙත රාජකාරී භාර දෙනු ලැබීය.
තවද, විසි දෙවන (22) බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1994 වර්ෂයේ නොවැම්බර් මස 02 වැනි දින අධිකාරියට පත් රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස පත්වීමට ප්‍රථම, වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.













