EVENT NEWS › 2026

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ 21 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

19 Nov 2026

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ 21 වැනි සංවත්සරය 2026 නොවැම්බර් මස 18 වැනි දින අභිමානවත්ව සමරනු ලැබීය.

ඒ අනුව, ‘ශික්‍ෂා’ ආයතනයේ 21 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික පුද්ගලයින්ගේ අංශ පිරික්‍ෂුම එම ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී කපිතාන් කැළුම් මාරඹගේ විසින්, එදින උදෑසන ‘ශික්‍ෂා’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කිරීමෙන් අනතුරුව, සාම්ප්‍රදායික මංගල භෝජන සංග්‍රහය පොදු භෝජනාගාරයේදී පැවැත්විණි.

එමෙන්ම, 2005 වර්ෂයේ නොවැම්බර් මස 18 වැනි දින අධිකාරියට පත් ‘ශික්‍ෂා’ ආයතනයේ 21 වැනි සංවත්සරය නිමිත්තෙන් මියගිය නාවික රණවිරුවන් සිහිකරමින් බෞද්ධාගමික වත්පිළිවෙත් අනුකූලව බෝධි පූජා පිංකමක් 2026 ඔක්තෝබර් මස 25 වැනි දින ආයතන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

තවද, මෙම සංවත්සර දින වැඩසටහන් සඳහා ‘ශික්‍ෂා’ ආයතනයේ පුහුණු විධායක කොමාණ්ඩර් කසුන් නුවරපක්‍ෂ ඇතුළු ‍එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් සහ පුහුණුවන නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.

Accessibility Tools