නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 33 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
2026 නොවැම්බර් මස 08 වැනි දිනට යෙදී ඇති ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 33 වැනි සංවත්සරය නිමිත්තෙන්, 2026 නොවැම්බර් මස 01 සිට 08 දක්වා, නාවික හමුදා සම්ප්‍රධායන්ට මුල් තැනක් දෙමින් සහ ආගමික හා රණවිරු උපහාර ඇතුළු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට විශේෂ යාත්‍රා බලඝණය විසින් කටයුතු සංවිධානය කරනු ලැබීය.
ඒ අනුව, විශේෂ යාත්‍රා බලඝනයේ 33 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික පුද්ගලයින්ගේ අංශ පිරික්‍ෂුම එම ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි විසින්, 2026 නොවැම්බර් මස 06 වන දින සිදු කිරීමෙන් අනතුරුව, සාම්ප්‍රදායික මංගල භෝජන සංග්‍රහය පොදු භෝජනාගාරයේදී පැවැත්විණි.
1993 වර්ෂයේ නොවැම්බර් මස 08 වැනි දින ආරම්භකල විශේෂ යාත්‍රා බලඝණයේ 33 වැනි සංවත්සරය නිමිත්තෙන්, විශේෂ යාත්‍රා බලඝණයේ මියගිය නාවික රණවිරුවන් පනස් අට දෙනෙකු (58) සිහිකරමින් සහ ආබාධිත රණවිරුවන් හතලිස් දෙදෙනෙකු (42) වෙත සෙත්පතා බෞද්ධාගමික වත්පිළිවෙත් අනුකූලව ධර්ම දේශනා පිංකමක් 2026 නොවැම්බර් මස 04 වැනි දින එම බලඝණ මූලස්ථානයේදී පවත්වනු ලැබීය.
තවද, 33 වැනි සංවත්සරය නිමිත්තෙන්, ක්‍රීඩා වැඩසටහන් මාලාවක් සහ සංගීතමය වැඩසටහනක්ද සාර්ථකව පවත්වනු ලැබූ අතර, එම අවස්ථාවන් සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, එම විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු චමින්ද ගුණරත්න, විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේ ආඥාපති කපිතාන් ධර්මසිරි හේරත් ඇතුළු විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වූහ.













