EVENT NEWS › 2026

40 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

07 Oct 2026

40 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව අද දින (2026 ඔක්තෝබර් 07) නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වූ අතර, පාඨමාලාවේ සමාප්ති අවස්ථාව නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නලින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය හා වගකීම් කාර්යක්‍ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික තීරණ ගැනීමටත්, අනාගතයේදී වගකීම් සහගත නායකත්ව භූමිකාවන් දැරීමටත් හැකි දැනුමෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් නිලධාරීන් බිහිකිරීම අරමුණු කරගනිමින් කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පවත්වනු ලබයි.

ඒ අනුව, 2026 ජුනි මස 08 වැනි දින ආරම්භ වූ මෙවර පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් විසිහත් දෙනෙකු (27), ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරියෙකු (01) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු (01) ඇතුළුව නිලධාරීන් විසි නව දෙනෙකු (29) සහභාගී වූහ.

තවද, ‍මෙම අවස්ථාව සඳහා 40 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ උපදේශක කාර්ය මණ්ඩලය සහ පාඨමාලාවේ නිලධාරින් සහභාගී වී සිටියහ.

Accessibility Tools