EVENT NEWS › 2026

විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේ ප්‍රථම ආඥාපති ලෙස කපිතාන් ධර්මසිරි හේරත් රාජකාරී අරඹයි

03 Oct 2026

ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පුහුණු පාසලෙහි ප්‍රථම ආඥාපති ලෙස පත් කෙරුණු, කපිතාන් ධර්මසිරි හේරත් 2026 සැප්තැම්බර් මස 29 වැනි දින ආඥාපති ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදී.

ඒ අනුව, විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේදී පැවති මෙම රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි, විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලෙහි පුහුණු විධායක කොමාණ්ඩර් තිස්ස කුමාර ඇතුළු විශේෂ යාත්‍රා බලඝණ‍ මූලස්ථානයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවික උපදේශකයන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools