ශ්රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් ත්රිකුණාමලය නාවික තටාකංගනයේ සංචාරයක නිරත වෙයි
ශ්රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Senior Colonel Fu Xiao සහ නාවික උපදේශක Senior Captain Zheng Zhaoping ඇතුළු නියෝජිත පිරිසක් 2026 ඔක්තෝබර් මස 16 වැනි දින ත්රිකුණාමලය නාවික තටාකංගනයේ සංචාරයක නිරතවී, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්ය ආඥාපති කොමදෝරු චමින්ද ගුණරත්න සමඟ නිල හමුවක් පැවැත්විණි.
ඒ අනුව, මෙම සංචාරයේදී ශ්රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිස සහ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්ය ආඥාපති අතර, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිලිසඳරක් පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලින හුවමාරුවක්ද සිදුකෙරිණි.
1 /
6













