EVENT NEWS › 2026

කොළඹ ආරක්‍ෂණ සමුළුවේ සාමාජික රාජ්‍යයන් අතර සමුද්‍රීය දූෂණයට ප්‍රතිචාර දැක්වීමේ මාර්ගගත සාකච්ඡාවක් කොළඹදී

04 Oct 2026

‘සමුද්‍රීය දූෂණ සිදුවීම් සඳහා කලාපීය සුදානම සහ ප්‍රතිචාරය වැඩිදියුණු කිරීම’ යන තේමාව යටතේ කොළඹ ආරක්ෂක සමුළුවේ (Colombo Security Conclave - CSC) සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ පැවති මාර්ගගත සාකච්ඡාවක් 2026 ඔක්තෝබර් මස 01 වැනි දින කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකාරක විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම සාකච්ඡාව සඳහා ඉන්දියාව, මාලදිවයින, මොරිෂස්, සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව ඇතුළු කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රාජ්‍යන්ගේ විෂය ප්‍රවීණයන් සහ නියෝජිතයන් සහභාගී වූහ. ඉන්දියානු සාගර කලාපයේ පවත්නා සමුද්‍රීය පාරිසරික තර්ජන, ජාතික සූදානම සහ ප්‍රතිචාර ක්‍රමවේද, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත්භාවය, පාරිසරික නිරීක්ෂණය, ආයතන අතර සම්බන්ධීකරණය, කලාපීය තොරතුරු හුවමාරුව, පූර්ව අනතුරු ඇඟවීම්, අන්‍යෝන්‍ය සහාය සහ ධාරිතා සංවර්ධනය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

Accessibility Tools