EVENT NEWS › 2026

අභිනව නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික පරීක්‍ෂණ ලෙස කොමදෝරු බුද්ධික රූපසිංහ වැඩ භාර ගනියි

12 Oct 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව අධ්‍යක්‍ෂ නාවික පරීක්‍ෂණ ලෙස පත් කෙරුණු කොමදෝරු බුද්ධික රූපසිංහ, අද දින (2026 ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී එම ධුරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 23 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1996 වර්ෂයේ ජූනි මස 20 වැනි දින අධිකාරියට පත් කොමදෝරු බුද්ධික රූපසිංහ, අධ්‍යක්‍ෂ නාවික පරීක්‍ෂණ ධූරයේ වැඩ භාර ගැනීමට ප්‍රථම උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.

Accessibility Tools