EVENT NEWS › 2026

උතුරු නාවික විධානයේ අභිනව නියෝජ්‍ය ආඥාපති ලෙස කොමදෝරු ප්‍රසාද් විතානගේ වැඩ භාර ගනියි

07 Oct 2026

උතුරු නාවික විධානයේ අභිනව නියෝජ්‍ය ආඥාපති ලෙස පත් කෙරුණු කොමදෝරු ප්‍රසාද් විතානගේ අද දින (2026 ඔක්තෝබර් 07) උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ නියෝජ්‍ය ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ධූරය හෙබවූ කොමදෝරු බුද්ධික රූපසිංහ විසින් කොමදෝරු ප්‍රසාද් විතානගේ වෙත නිල වශයෙන් රාජකාරී භාරදීම, උතුරු නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 14 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1998 වර්ෂයේ ඔක්තෝබර් මස 06 වැනි දින අධිකාරියට පත් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ධූරයේ වැඩ භාර ගැනීමට ප්‍රථම නාවික අණභාර නිලධාරි හම්බන්තොට සහ හම්බන්තොට වරායේ පහසුකම් හා ආරක්‍ෂක නිලධාරි ලෙස රාජකාරි කටයුතු කර ඇත.

Accessibility Tools