උතුරු මැද නාවික විධානයේ අභිනව නියෝජ්ය ආඥාපති ලෙස කොමදෝරු තනුජ ශාමේන්ද වැඩ භාර ගනියි
උතුරු මැද නාවික විධානයේ අභිනව නියෝජ්ය ආඥාපති ලෙස පත් කෙරුණු කොමදෝරු තනුජ ශාමේන්ද අද දින (2026 ඔක්තෝබර් 26) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ නියෝජ්ය ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්රදායානුකූල අභිනව නියෝජ්ය ආඥාපති උතුරු මැද නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ නියෝජ්ය ආඥාපති ධූරය හෙබවූ කොමදෝරු නලින් ගෝනගල විසින් විධාන මූලස්ථානයේදී නිල වශයෙන් නව නියෝජ්ය ආඥාපති වෙත රාජකාරී භාර දෙනු ලැබීය.
තවද, ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ 14 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1998 වර්ෂයේ ඔක්තෝබර් මස 06 වැනි දින අධිකාරියට පත් කොමදෝරු තනුජ ශාමේන්ද, උතුරු මැද නාවික විධානයේ නියෝජ්ය ආඥාපති ලෙස පත්වීමට ප්රථම, අධ්යක්ෂ නාවික පරිපාලන ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.













