මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් මාතර, තලල්ල, නාඔටුන්න වෙරළේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මාතර, තලල්ල, නාඔටුන්න වෙරළේදී අද (2026 ඔක්තෝබර් 24) උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර දහයක් (10) සහ ගමන් මළු එකොළහක් (11) අත්අඩංගුවට ගනු ලැබීය.
තවද, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙණ ඩිංගි යාත්රාවක්ද (01) අත්අඩංගුවට ගත් අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබාදීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.
1 /
6













