නාවික හමුදාවේ ප්රථම මූලික සුනඛ හැසිරවීමේ පාඨමාලාවේ සහතිකපත්ර ප්රදානෝත්සවය වැලිසරදී
ශ්රී ලංකා නාවික හමුදාවේ නිල සුනඛ සංචිතයට අනුයුක්ත සුනඛ හසුරුවන්නන්ගේ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් නාවික හමුදාව මඟින් ප්රථම වරට පවත්වන ලද මූලික සුනඛ හැසිරවීමේ පාඨමාලාව (Basic Dog Handling Course – 01/2026) සාර්ථකව අවසන් කළ නාවික හමුදා පුද්ගලයන් වෙත සහතිකපත්ර ප්රදානය කිරීම, ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් කුසල් දිසානායකගේ ප්රධානත්වයෙන් අද දින (2026 ඔක්තෝබර් 30) වැලිසර නාවික තාක්ෂණ ආයතන ක්රීඩා පිටියේදී සිදුකරණු ලැබීය.
මාස හයක පුහුණු කාලසීමාවක් යටතේ පැවැති මෙම පාඨමාලාව සඳහා බෙල්ජියම් මැලිනොයිස් (Belgian Malinois) වර්ගයේ සුනඛ පැටවුන් සිව් දෙනෙකු සහ නාවික හමුදා සුනඛ හසුරුවන්නන් සිව් දෙනෙකු සහභාගී වූ අතර, නාවික හමුදා නිල සුනඛ සංචිතයට අනුයුක්ත පළපුරුදු උපදේශකයින් විසින් පුහුණු පාඨමාලාව මෙහෙයවනු ලැබීය. සුනඛයින්ගේ කීකරුකම, ලබා දෙන විධාන අනුව ක්රියා කිරීම, බාධක තරණය කිරීම, මත්ද්රව්ය හා පුපුරණ ද්රව්ය හඳුනාගැනීමේ හැකියාවන් මෙන්ම, මෙහෙයුම් අවස්ථාවන්හිදී සුනඛයා සහ හසුරුවන්නා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම ඇතුළු සුනඛයන් හැසිරවීම සම්බන්ධයෙන් අත්යවශ්ය කුසලතා ප්රගුණ කිරීමට අවශ්ය පුහුණුව මෙම පුහුණු කාල සීමාව තුලදී ලබා දෙනු ලැබීය.
මෙම සහතිකපත්ර ප්රදානෝත්සවය සඳහා නාවික අණභාර නිලධාරී වැලිසර කපිතාන් සාලිය පරණගම ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වූ අතර, සහතික ප්රධානයට සමඟාමිව සුනඛ සංදර්ශනයක්ද එහිදී පවත්වනු ලැබීය.
තවද, මෙවැනි පාඨමාලා තුළින් නාවික හමුදා නිල සුනඛ සංචිතයේ වෘත්තීය සංවර්ධනය ඉහල නැංවෙන අතර, එමඟින් සුනඛ සංචිතයේ දායකත්වයෙන් සිදුකරනු ලබන මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කිරීමට අවස්ථාව උදාවනු ඇත.













