EVENT NEWS › 2026

ශ්‍රි ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජිතයිගෙන් සමන්විත ප්‍රංශ දූත පිරිසක් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ සංචාරයක නිරතවෙයි

22 Oct 2026

ජල ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ ධාරිතා වර්ධනය අරමුණු කර ගනිමින් ශ්‍රි ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ උපදේශක ලුතිනන් කොමාණ්ඩර් Florian Bouvenot සමග ලුතිනන් කොමාණ්ඩර් Gabin Sogorb සහ ප්‍රංශ ජල ශාස්ත්‍රීය හා සාගර විද්‍යා සේවයේ උපායමාර්ග හා සංවර්ධන අංශ‍යේ Berenice Lequesne මහත්මිය, අද දින (2026 ඔක්තෝබර් 22) කොළඹ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ සංචාරයක නිරත විය.

ඒ අනුව, මෙම සංචාරයේදී ප්‍රංශ දූත පිරිස, ජාතික ජල ශාස්ත්‍රීය සභාවේ සභාපති රියර් අද්මිරාල් එස් ජයකොඩි (විශ්‍රාමික), නාවික හමුදා ජල ශාස්ත්‍ර ප්‍රධානී රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සහ ජාතික ජල ශාස්ත්‍රඥ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය (විශ්‍රාමික) සමඟ කොළඹ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේදී නිල හමුවක් පැවැත්විණි. එහිදී, ජල ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, ධාරිතා වර්ධනය සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම ඇතුළු ‍ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනිම සිදුකෙරිණි.

තවද, මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ නිලධාරීන් පිරිසක්ද එක්වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

Accessibility Tools