EVENT NEWS › 2026

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී උපදේශක තාක්ෂණික පාඨමාලාව හදාරන නාවික පුද්ගලයන් අතර විවාද තරගාවලියක්

24 Oct 2026

දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී, උපදේශක තාක්ෂණික පාඨමාලාව (06/2026) හදාරන නාවික පුද්ගලයන්ගේ කථන හැකියාව, තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව සහ බුද්ධිමය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් 2026 ඔක්තෝබර් මස 22 වන දින විවාද තරගාවලියක් පැවැත්විණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණුව ලබන නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් A සහ B වශයෙන් කණ්ඩායම් දෙකක් අතර පැවති මෙම තරඟාවලියේ ජයග්‍රහණය B කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලද අතර, ප්‍රධාන සුළු නිලධාරි එන්සී ඒකනායක තරඟාවලියේ දක්ෂතම කථිකයා ලෙස තේරීපත් විය.

නාවික පුද්ගලයන්ගේ සන්නිවේදන කුසලතා, නායකත්ව ගුණාංග සහ තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා මෙවැනි පුහුණු ක්‍රියාකාරකම් විශේෂ දායකත්වයක් සපයන අතර, නව දැනුම හා කුසලතාවවන්ගෙන් පිරිපුන් නාවික පුද්ගලයන් බිහිකිරීමට ද එමඟින් මහගු පිටිවහලක් ගෙන දෙයි.

Accessibility Tools