ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ අනීතික සංක්රමණ සම්බන්ධීකරණ නිලධාරිනිය නිල හමුවක් සඳහා උතුරු නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ අනීතික සංක්රමණ සම්බන්ධීකරණ නිලධාරිනී Sonya Douglas මහත්මිය නිල හමුවක් සඳහා අද දින (2026 ඔක්තෝබර් 26) උතුරු නාවික විධාන මූලස්ථානයේදි, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන හමු විය.
ඒ අනුව, උතුරු පළාතේ අනීතික සංක්රමණ ප්රවණතා, සාගරික දේශසීමා ආරක්ෂාව, මානව ජාවාරම් සහ සංවිධානාත්මකව සිදුවන අපරාධ පිළිබඳව මෙන්ම දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කල හැකි ක්ෂේත්ර පිළිබඳව මෙම නිල හමුවේදි, අදහස් හුවමාරු කර ගනු ලැබූ අතර, නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරනු ලැබීය.
1 /
6













