"විශිෂ්ට විදේශීය ශිෂ්ය සම්මානය" හිමිකරගත් ලුතිනන් කොමාණ්ඩර් මධුෂිකා කත්රිආරච්චි වෙත ශාස්ත්රපති උපාධිය පිරිනැමීම, ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී
එක්සත් ජනපදයේ මොන්ටරි (Monterey) හී පිහිටි නාවික පශ්චාත් උපාධි විද්යාලයේ (U.S. Naval Postgraduate School – NPS) ආරක්ෂක සැපයුම් කළමනාකරණ (Defense Logistics Management) පාඨමාලාව විශිෂ්ට දක්ෂතා සහිතව සම්පූර්ණ කල ලුතිනන් කොමාණ්ඩර් මධුෂිකා කත්රිආරච්චි වෙත ශාස්ත්රපති උපාධිය පිරිනැමීම, ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ගරු තානාපති Eric S. Meyer මහතා විසින් අද දින (2026 ඔක්තෝබර් 26) කොළඹ, ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල පරිශ්රයේදී සිදුකෙරිණි.
ඒ අනුව, 2024 ජූනි සිට 2025 දෙසැම්බර් දක්වා පැවති මෙම පාඨමාලාව තුලදී, නාවික පශ්චාත් උපාධි විද්යාලය විසින් ඇයට "විශිෂ්ට නිබන්ධන සම්මානය" (Outstanding Thesis Award) ප්රදානය කළ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ Kiwanis Club of Monterey විසින් සෑම වසරකම නාවික පශ්චාත් උපාධි විද්යාලයේ අධ්යයන කටයුතු සිදුකරනු ලබන විදේශීය සිසුන් දෙදෙනෙකුට (02) පමණක් පිරිනමන "විශිෂ්ට විදේශීය ශිෂ්ය සම්මානය" (Outstanding International Student Award) ද ඇය විසින් හිමිකර ගනිමින්, "විශිෂ්ට උපාධිධාරිනියක" (Distinguished Graduate) ලෙස ගෞරව සහිතව මෙම ශාස්ත්රපති උපාධිය හිමි කර ගනු ලැබීය.
එමෙන්ම, ලුතිනන් කොමාණ්ඩර් මධුෂිකා කත්රිආරච්චි විසින් ජාත්යන්තර මට්ටමින් ලබාගත් මෙම ජයග්රහණය ශ්රී ලංකා නාවික හමුදාව වෙත ගෞරවයක් අත්කර දීමට මෙන්ම, නාවික හමුදා පුහුණු හා සංවර්ධන ක්ෂේත්රය ලද සුවිශේෂී ජයග්රහණයක් ලෙසද සනිටුහන් වේ.
තවද, මෙම උපාධි ප්රදානෝත්සවය සඳහා අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.













