ඉතාලියේ පැවැති අන්තර් කලාපීය සමුද්‍රිය බලය පිළිබඳ සම්මන්ත්‍රණයට නාවික හමුදාධිපති සහභාගි වෙයි
ඉතාලි නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අන්තර් කලාපීය සමුද්‍රිය බලය පිළිබඳ සම්මන්ත්‍රණයේ 15 වන අදියර (Trans-Regional Seapower Symposium) 2026 ඔක්තෝබර් මස 06 සහ 07 දෙදින, ඉතාලියේ වැනීසියේදි (The ancient Arsenal of the Italian Navy) සාර්ථකව පැවැත්වුණු අතර, එම සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගි විය.
ඉතාලි නාවික හමුදාව විසින් 1996 වර්ෂයේ සිට ද්විවාර්ශිකව සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය, ඉතාලියේ වැනීසියේ, සෙරෙනිසිමා හි පිහිටා ඇති සමුද්‍රීය හමුදා අධ්‍යයන ආයතනයේ දී පවත්වනු ලැබූ අතර, මෙවර එහි තේමාව වූයේ ‘From Regional Waters to Global Influence: generating effects across the midland seas of the world’ යන්නයි.
මෙම සම්මන්ත්‍රණය සඳහා විදේශීය නාවික හමුදා ප්‍රධානීන්, නියෝජිතයින් සහ ශාස්ත්‍රීය, කර්මාන්ත සහ විද්‍යාත්මක පර්යේෂණ නියෝජිතයින් රැසක් සහභාගි වී සිටියහ. ගෝලීය සමබරතාව කෙරෙහි සමුද්‍රීය වසම් ආශ්‍රිතව කලාපීය ගතිකත්වයේ අදාලත්වය හා බලපෑම විශ්ලේෂණය කිරීමේ අරමුණෙන් පැවති මෙම සම්මන්ත්‍රණය විවිධ කාලීන තේමා යටතේ පැවති සැසි කිහිපයකින් සමන්විත විය.
ඒ අනුව, 'The Geopolitical Background: Global and Regional Dynamics in Comparison', 'The Pivotal Role of Cooperation among Regional Alliances as Security Providers', 'Maritime Regional Security Complexes, Global Order and Sea-Based Flows - What role for Navies?', 'The New Arctic Chessboard: Seapower, Resources and the Race for Connectivity', 'Future-Proof capabilities: A naval force designed to operate across oceans, act within regions, and deliver effects on the ground', 'Future Seas: Industrial Scale, Decisive Mass and Innovation. Securing the Maritime Domain' සහ 'Future-Proof Leadership: Preparing Maritime Commanders and sailors for Complexity' යන තේමා ඔස්සේ පැවති සැසිවාරයන්හිදී, නාවික හමුදා ප්‍රධානීන් සහ සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විද්වතුන් විසින් අන්තර් කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් විද්වත් කතිකාවන් හා අදහස් හුවමාරු කරගැනීම් සිදුකරනු ලැබීය.
තවද, ගෝලීය සමුද්‍රීය පාර්ශ්වයන් රැසක් සහභාගීවන මෙවැනි සම්මන්ත්‍රණ මඟින් ගොඩනැගෙන සහයෝගීතාවය තුලින්, සුරක්‍ෂිත, ආරක්‍ෂිත සහ සමෘද්ධිමත් ස්ථාවර සාගර කලාපයක් පවත්වා ගැනීම වෙනුවෙන්, සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.













