නාවික හමුදාධිපතිගේ දකුණු නාවික විධාන නිරීක්ෂණ චාරිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
දකුණු නාවික විධානයේ දෙදින නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු, දකුණු නාවික විධාන මූලස්ථානය සහ එම විධානයට අයත් ආයතනයන්ගේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්රාය පිළිබඳව එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීමෙන් අනතුරුව, අද දින (2026 ඔක්තෝබර් 20) නිරීක්ෂණ චාරිකාව සාර්ථකව නිමාවට පත් විය.
ඒ අනුව, අද දින (2026 ඔක්තෝබර් 20) ශ්රී ලංකා නාවික නෞකා දක්ෂිණ සහ නිපුණ ආයතනයන්ගේ නිරීක්ෂණ චාරිකා වාරය සඳහා නාවික හමුදාධිපති, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා සමඟ සහභාගි වූ අතර, ඒ සඳහා අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්, අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී ගුණසිංහ, අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් අනුරුද්ධ කරුණාතිලක, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, දකුණු නාවික විධානයේ නියෝජ්ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ සහ විධානයේ දෙපාර්තමේන්තු ප්රධානීන් හා අණදෙන නිලධාරීන් එක් වූහ.
මෙම නිරීක්ෂණ චාරිකා වාරයේදී, දකුණු නාවික විධානයේ කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව, නාවික මැහුම් මධ්යස්ථානය සහ මෝටර් රථ ඉංජිනේරු වැඩපල, නිරීක්ෂණය සඳහා සහභාගි වූ නාවික හමුදාධිපති, එම දෙපාර්තමේන්තු වෙතින් සිදුකරනු ලබන කාර්යභාරය කාර්යක්ෂමව සිදුකරන ලෙසත්, නාවික මැහුම් මධ්යස්ථානයේ නිෂ්පාදනයන්ගේ ඉහල ගුණාත්මකභාවය මෙන්ම, එහි කාර්ය මණ්ඩලයේ සුබසාධනය ඉහල නැංවීම සඳහා ද අවශ්ය උපදෙස් දෙනු ලැබීය.
අනතුරුව, ශ්රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය වෙත පැමිණි නාවික හමුදාධිපති, එම ආයතනයේ පුහුණු පහසුකම් නිරීක්ෂණය කර, පුහුණු උපදේශක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ ජ්යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් වෙත පුහුණු කටයුතු ඉහල ගුණාත්මකභාවයකින් යුතුව සිදුකිරීම සඳහා අවශ්ය උපදෙස් ලබා දෙනු ලැබීය. එහිදී, පුහුණුවන්නන්ගේ උපක්රමික දැනුම, වෙනස් වන මෙහෙයුම් පරිසරය පිළිබඳ අවබෝධය සහ නිවැරදි මෙහෙයුම් තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා පුහුණු ප්රමිතීන් ඉහළ නැංවීම මෙන්ම, නාවිකයන් සහ කාන්තා නාවිකයන්ගේ මනා විනය සහ පැවැත්ම අඛණ්ඩව පවත්වා ගැනීම සම්බන්ධයෙන් පුහුණු උපදේශක කාර්ය මණ්ඩලය වෙත විශේෂ වගකීමක් පැවරෙන බව නාවික හමුදාධිපති විසින් අවධාරණය කරනු ලැබීය.
තවද, නාවික හමුදාධිපති ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ ශ්රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය මඟින් සිදුකෙරෙණ මෙහෙයුම්, පරිපාලන සහ සුබසාධන කටයුතු නිරීක්ෂණය සඳහා සහභාගී වීමෙන් අනතුරුව, දියත් අංශයේ නිරීක්ෂණ චාරිකා වාරය සඳහා සහභාගි විය. එහිදී, දියත් අංශයේ මෙහෙයුම් සූදානම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නාවික හමුදාධිපති විසින් අවශ්ය උපදෙස් දෙනු ලැබීය.
ජාතික ආරක්ෂාවට සමඟාමීව ජාතික සංවර්ධනය සඳහා නාවික හමුදාව සිදුකරනු ලබන පුළුල් කාර්යභාරය නාවික හමුදාධිපතිගේ දකුණු නාවික විධාන නිරීක්ෂණ චාරිකා වාරයේදී නාවික හමුදාධිපති විසින් අවධාරණය කෙරුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පරිපාලන කටයුතු විධිමත්ව හා ඵලදායීව මෙහෙයවීම සහ නාවික හමුදා පුද්ගලයන්ගේ සුබසාධනය ප්රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීම සඳහා, සියලුම නාවික හමුදා පුද්ගලයන්ගේ කැපවීම අපේක්ෂා කරන බව වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.













