EVENT NEWS › 2026

දඹකොළපටුන විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි

31 Oct 2026

යාපනය මාදගල් ප්‍රදේශයේ පිහිටි දඹකොළපටුන විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අද දින (2026 ඔක්තෝබර් 31) නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පවත්වනු ලැබීය.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ උපදෙස් හා මඟපෙන්වීම මත, එම විධානය විසින් සංවිධානය කෙරුණු මෙම කඨින පුණ්‍ය මහෝත්සවය ආරම්භ කරමින්, 2026 ඔක්තෝබර් මස 30 වැනි දින සන්ධ්‍යාවේ දඹකොළපටුන විහාරස්ථානයේ නාවික හමුදා දායකත්වයෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකරණු ලැබීය.

අද දින (2026 ඔක්තෝබර් 31) උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ සිට විචිත්‍රවත් පෙරහැරක් මඟින් කඨින චීවරය දඹකොළපටුන විහාරස්ථානය වෙත වැඩම කරවා, කඨින චීවර පූජාව සිදුකර, ගරුතර මහා සංඝරත්න‍ය වෙනුවෙන් උදෑසන දානය සහ පිරිකර පූජා කිරීම බෞද්ධාගමික වත් පිළිවෙත් අනුකූලව සිදුකෙරිණි. අද දින (2026 ඔක්තෝබර් 31) උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ සිට විචිත්‍රවත් පෙරහැරක් මඟින් කඨින චීවරය දඹකොළපටුන විහාරස්ථානය වෙත වැඩම කරවා, කඨින චීවර පූජාව සිදුකර, ගරුතර මහා සංඝරත්න‍ය වෙනුවෙන් උදෑසන දානය සහ පිරිකර පූජා කිරීම බෞද්ධාගමික වත් පිළිවෙත් අනුකූලව සිදුකෙරිණි.

තවද, මෙම කඨිණ පුණ්‍ය මහෝත්සවය සඳහා හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් දයා සඳගිරි (විශ්‍රාමික), උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු එම විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් බැති සිතින් සහභාගි වී සිටියහ.

Accessibility Tools