EVENT NEWS › 2026

නාවික හමුදා සමුද්‍රීය ඉංජිනේරු තාක්‍ෂණික හැකියාවන් ශක්තිමත් කිරීමේ හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී

23 Oct 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ඉංජිනේරු තාක්‍ෂණික දැනුම සහ නාවික යාත්‍රා නඩත්තු කිරීමේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, Yanmar Asia Singapore Corporation සහ Browns Group Industries (Pvt) Ltd ආයතනයන්හි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් තාක්‍ෂණික හමුවක් 2026 ඔක්තෝබර් මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම තාක්‍ෂණික හමුවේදී, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේදී වෙරළබඩ මුර යාත්‍රාවන්ගේ සිදුකළ ප්‍රධාන යන්ත්‍ර පරීක්‍ෂණයන්ට අදාල නිරීක්‍ෂණ වාර්ථා ඉදිරිපත් කිරීම සහ Yanmar 6LY 440 Common-Rail Marine ඩීසල් ප්‍රධාන යන්ත්‍රයන්ගේ තාක්‍ෂණික විශේෂාංග පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, Yanmar Asia සහ Browns Group Industries යන ආයතන සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රධාන යන්ත්‍ර නඩත්තු කිරීමේදී මතුවන අභියෝග, ප්‍රධාන යන්ත්‍රයන්ගේ විශ්වසනීයත්වය ඉහළ නැංවීම සහ නාවික යාත්‍රාවල මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම පිළිබඳ ඵලදායී තාක්‍ෂණික සාකච්ඡාවක් පැවැත්විණි.

තවද, Central Yanmar Workshop හිදී Yanmar 6LY2A-STP සමුද්‍රීය ඩීසල් එන්ජින් ප්‍රධාන අලුත්වැඩියාව සම්බන්ධයෙන් පැවැත්වූ තෙදින තාක්‍ෂණික පුහුණු වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම සහ එම එන්ජින් නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය විශේෂිත උපකරණ භාරදීම සංකේතාත්මකව නාවික හමුදාව වෙත භාර දීම ද මෙම හමුවට සමඟාමීව සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නැව්බඳ ඉංජිනේරු, කොමදෝරු සිසිර උඩුගමගේ සහ අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා, කොමදොරු දිනුක් බෝගහවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools