EVENT NEWS › 2026

ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ ආයතනයේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

22 Oct 2026

ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ ආයතනයේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කොමාණ්ඩර් (නාපා) විතාන රූපසිංහ, අද දින (2026 ඔක්තෝබර් 22) අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව අභිනව අණදෙන නිලධාරි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ ආයතනය වෙත පිළිගැනීමෙන් පසුව, එම ආයතනයේ අණදෙන නිලධාරී ධූරය හෙබවූ කොමාණ්ඩර් (නාපා) චින්තන පෙරේරා විසින් අභිනව අණදෙන නිලධාරී වෙත රාජකාරී භාරදීම සිදු කෙරුණි.

තවද, කොමාණ්ඩර් (නාපා) විතාන රූපසංහ මීට පෙර උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කල අතර, ඔහු තිස්වන (30) ශිෂ්‍ය භට නිලධාරී බඳවා ගැනීමට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

Accessibility Tools