EVENT NEWS › 2026

උතුරු නාවික විධානය විසින් සංවිධානය කල අන්තර් ආයතන ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය – 2026 සාර්ථකව අවසන් වෙයි

24 Oct 2026

උතුරු නාවික විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් ආයතන ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය – 2026 හි අවසන් මහා තරඟය, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝබර් මස 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී සාර්ථකව පවත්වනු ලැබීය.

නාවික හමුදා පුද්ගලයන්ගේ දැනුම, වෘත්තීය නිපුණතාව හා බුද්ධිමය හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම කණ්ඩායම් හැඟීම සහ තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම තරඟාවලිය, නිලධාරී සහ නාවිකයන් වශයෙන් අංශ දෙකක් යටතේ 2026 සැප්තැම්බර් මස 18, 19 සහ ඔක්තෝබර් මස 22 යන දිනයන් හිදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, නිලධාරී අංශයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර හා ගෝඨයිම්බර ඒකාබද්ධ කණ්ඩායම පරාජය කරමින්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු කලාපය නියෝජනය කළ කණ්ඩායම නිලධාරී අංශයේ ශූරතාව දිනාගැනීමට සමත් විය. නාවිකයන්ගේ අංශයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය නියෝජනය කළ කණ්ඩායම පරාජය කරමින් උතුරු නාවික විධානයට අයත් නෞකා හා යාත්‍රා නියෝජනය කළ කණ්ඩායම ශූරතාව හිමිකර ගනු ලැබීය.

තවද, ජයග්‍රාහී කණ්ඩායම් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව උතුර සහ කොමදෝරු සංජීව කරුණාරත්න, කොමදෝරු අධිකාරි තටාකාංගනය උතුර, කොමදෝරු තුසිත වීරසූරිය විසින් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයට අයත් දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අණදෙන නිලධාරීන්, නෞකා හා යාත්‍රාවන්ගේ අණදෙන හා අණභාර නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වූහ.

Accessibility Tools