දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත පොපි මලක් පැළඳවීම අද දින (2026 ඔක්තෝබර් 13) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී මෙන්ම, මව්බිම වෙනුවෙන් දිවි පිදූ සියළු වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් මෙම පොපි මල් සැමරුම වාර්ෂිකව පවත්වනු ලබයි. ඒ අනුව, සියළුම විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවීම මෙලෙස සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.













