EVENT NEWS › 2026

Pre Command Training (PCT) පාඨමාලාව ත්‍රිකුණාමලයේදී ආරම්භ වෙයි

06 Oct 2026

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පහලොස් වැනි (15) වරටත් පවත්වනු ලබන Pre Command Training - PCT පාඨමාලාව, 2026 ඔක්තෝබර් මස 05 වැනි දින නිලධාරීන් විසිපස් දෙනෙකුගේ (25) සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේදි ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාව ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් හරිත ජයදේවගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

2018 වර්ෂයේ සිට ආරම්භ කරන ලද මෙම පුහුණු පාඨමාලාව, ඉදිරියේදී නෞකාවන්හි අණදෙන/ අණභාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිත නිලධාරින්ගේ වෘත්තීය නිපුණත්වය, නායකත්ව හැකියාව සහ අණදීමේ සූදානම තවදුරටත් වර්ධනය වන අයුරින් න්‍යායික හා ප්‍රායෝගික වැඩසටහන් ඇතුලත්ව සංවිධානය කර ඇත.

Accessibility Tools