අභිනව නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්, අද දින (2026 ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී එම ධුරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 12 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1996 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනි දින අධිකාරියට පත් රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ධූරයේ වැඩ භාර ගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.
1 /
6













