උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සංජීව ප්රේමරත්න වැඩ භාර ගනියි
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් සංජීව ප්රේමරත්න අද දින (2026 ඔක්තෝබර් 23) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්රදායානුකූල අභිනව ආඥාපති උතුරු මැද නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ ආඥාපති ධූරය හෙබවූ රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා විසින් විධාන මූලස්ථානයේදී නිල වශයෙන් නව ආඥාපති වෙත රාජකාරී භාර දෙනු ලැබීය.
තවද, විසි තුන්වන (23) බඳවා ගැනීමට අයත් ශිෂ්යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1996 වර්ෂයේ ජූනි මස 20 වැනි දින අධිකාරියට පත් රියර් අද්මිරාල් සංජීව ප්රේමරත්න, උතුරු මැද නාවික විධානයේ ආඥාපති ලෙස පත්වීමට ප්රථම, අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.
1 /
6













