ශ්රී ලංකා නාවික නෞකා ‘මහානාග’ ආයතනය සිය 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ගිණිකොන නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා ‘මහානාග’ ආයතනයේ 13 වැනි සංවත්සරය 2026 ඔක්තෝබර් 28 වැනි දින අභිමානවත් ලෙස සමරනු ලැබීය.
ඒ අනුව, ‘මහානාග’ ආයතනයේ 13 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා සම්ප්රදායානුකූලව නාවික පුද්ගලයින්ගේ අංශ පිරික්ෂුම එම ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් දුලාන් දර්ශන විසින්, එදින උදෑසන මහානාග ආයතනයේ ප්රධාන සරඹ පිටියේදී සිදු කිරීමෙන් අනතුරුව, සාම්ප්රදායික මංගල භෝජන සංග්රහය පොදු භෝජනාගාරයේදී පැවැත්විණි.
තවද, 2013 වර්ෂයේ ඔක්තෝබර් මස 28 වැනි දින අධිකාරියට පත්කර ඇති මහානාග ආයතනයේ 13 වැනි සංවත්සරය නිමිත්තෙන් මියගිය නාවික රණවිරුවන් සිහිකරමින් බෞද්ධාගමික වත්පිළිවෙත් අනුකූලව දහවල් දානමය පිංකමක් 2026 ඔක්තෝබර් මස 17 වැනි දින කුඩුම්බිගල විහාරයේදි පවත්වනු ලැබීය.
1 /
6













