EVENT NEWS › 2026

ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

02 Oct 2026

ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කපිතාන් අරෝෂ ජයතුංග, අද දින (2026 ඔක්තෝබර් 02) අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව අභිනව අණදෙන නිලධාරි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත පිළිගැනීමෙන් පසුව, එම ආයතනයේ වැඩ බලන අණදෙන නිලධාරී ධූරය හෙබවූ කොමාණ්ඩර් චින්තක පෙරේරා විසින් නිල වශයෙන් අභිනව අණදෙන නිලධාරී වෙත රාජකාරී භාරදීම සිදු කෙරුණි.

Accessibility Tools