නාවික හමුදා උත්තමාචාර මැද වෛද්ය රියර් අද්මිරාල් ජානක මාරඹේ නාවික හමුදා සේවයෙන් විශ්රාම ලබයි
ශ්රී ලංකා නාවික හමුදාවේ වසර 31 කට අධික සේවා කාලයක් නිම කරමින් වෛද්ය රියර් අද්මිරාල් ජානක මාරඹේ අද දින (2026 ඔක්තෝබර් 16) නාවික හමුදා සේවයෙන් විශ්රාම ලැබීය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු ප්රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 63 වැනි උපන් දිනය යෙදී තිබූ වෛද්ය රියර් අද්මිරාල් ජානක මාරඹේ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් වෛද්ය රියර් අද්මිරාල් ජානක මාරඹේ වෙත නාවික හමුදා සම්ප්රදායානුකූලව ශුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1995 වර්ෂයේදී ඉඳුරාම බඳවාගත් නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති වෛද්ය රියර් අද්මිරාල් ජානක මාරඹේ, සිය වසර 31 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාවේ කපිතාන් වෛද්ය දෙපාර්තමේන්තුව නැගෙනහිර හා බටහිර ලෙස රාජකාරී සිදුකොට ඇත. තවද, වෛද්ය රියර් අද්මිරාල් ජානක මාරඹේ; කොමදෝරු සෞඛ්ය අධිකාරි (නැගෙනහිර), අධ්යක්ෂ නාවික වෛද්ය සේවා (රෝග නිශ්චය හා ප්රතිකාර) සහ අධ්යක්ෂ ජෙනරාල් සෞඛ්ය සේවා වැනි ප්රමුඛ නිලතල දරා ඇති ශ්රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්යෙෂ්ඨ නිලධාරියෙකි.













