එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීම සඳහා අද දින (2026 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්රදායානුකුලව පිළිගැනීම එහිදී සිදුකෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS CANBERRA (LCS 30)’ නෞකාව දිගින් මීටර් 127.6 ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් C Towles කටයුතු කරනු ලබයි.
තවද, 2023 වර්ෂයේ ජූලි මස 22 වන දින අධිකාරියට පත් ‘USS CANBERRA (LCS 30)’ නෞකාව, එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සේවය සඳහා එක්ව ඇති අතර, මීට පෙර ද මෙම නෞකාව 2026 ජුනි මස 12 වැනි දින ශ්රී ලංකාව වෙත පැමිණ ඇත.
1 /
6













