ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් 33ක් වෙත ලාංඡන පැළඳවේ
නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ තිස් වැනි (30) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස් දෙනෙකු (30) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය, අද දින (2026 සැප්තැම්බර් 06) පුත්තලම, ගඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, එම බළඝණයේ අණදෙන නිලධාරී කපිතාන් රංගනාත් වීරසේකර හා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්ගේ ආරාධනයෙන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.
මාස හයක (06) කාල සීමාවක් පැවති ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ තිස් වැනි (30) සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලව තුලදී, කුඩා යාත්‍රා මෙහෙයුම් කටයුතු පිළිබඳව සහ හදිසි හා ස්වභාවික ආපදා තත්වයන්හි දී මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් සිදුකිරීම සම්බන්ධ මනා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.
ඒ අනුව, මෙම ලාංඡන පැළඳවීමේ උත්සවයේදී, පුහුණු කාල සීමාව තුළ සුවිශේෂී කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදු කෙරිණි. එහිදී, දක්ෂතම යාත්‍රා හසුරවන්නා හා විශිෂ්ඨතම පුහුණුවන්නා ලෙස ලුතිනන් අයිඩීඑල්එස් මධුවාස විසින් සම්මාන හිමිකරගත් අතර, දක්‍ෂතම ජීවිතාරක්‍ෂකයා ලෙස බල නැවි සීකේටී චන්ද්‍රසේකර විසින් සහ හොඳම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නාට හිමි සම්මානය, සාමාන්‍ය නැවි ඩීඑම්ඊවී දිසානායක විසින් එහිදී හිමි කර ගන්නා ලදි.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් වෙත ප්‍රථමයෙන් සිය ශුභාශිංසන පිරිනමන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විශේෂ පුහුණුව සාර්ථකව නිම කළ නිලධාරීන් සහ නාවිකයින් අභිමානවත් ඉතිහාසයක්, සම්ප්‍රදායක් සහ විශාල වගකීමක් සහිත බළඝණයක සාමාජිකත්වය භාරගන්නා බවත්, “අනන්තයට එහා දිවෙන විජයග්‍රහණය කරා” යන ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ ආදර්ශ පාඨයට අනුව ධෛර්යය, අධිෂ්ඨානය, විනය, වගකීම සහ කණ්ඩායම් හැඟීම නව සාමාජිකයින්ගෙන් අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කරන ලදි.
පස්චාත් යුද සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යයභාරය, ජාතික ආරක්ෂාවට දායකවීමට සමඟාමීව, ජාතික සංවර්ධන වැඩපිළිවෙලට දායකවීම දක්වා පුළුල් වී ඇති බවත්, රටෙහි ඇතිවන ජාතික හදිසි ආපදා තත්ත්වයන්හිදී අනෙකුත් සහෝදර හමුදා සමඟ එක්ව, මහජන ආරක්ෂාව වෙනුවෙන් මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් සිදුකිරීම, සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සිදුකිරීම සහ රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන වෙත අවශ්‍ය සහය ලබාදීම ඇතුළු නාවික හමුදාව වෙත පැවරී ඇති වගකීම් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස ඉටුකිරීම සඳහා පුහුණුවෙන් ලද දැනුම සහ අත්දැකිම් උපයෝගී කර ගතයුතු බවත් එහිදී මාණ්ඩලික ප්‍රධානී විසින් අවධාරනය කෙරිණි.
එමෙන්ම, පසුගිය ‘දිට්වා’ ආපදා තත්ත්වයේදී පීඩාවට පත් ජනතාව මුදාගැනීම සඳහා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය ලබාදුන් දායකත්වය එහිදී සිහිපත් කල මාණ්ඩලික ප්‍රධානී, පුහුණුවෙන් ලද නව දැණුම හා කුසලතා තුලින්, එවැනි ස්වභාවික ආපදා තත්වයකදී මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව වෙත දායකත්වය ලබාදීම සඳහා පුහුණුව සම්පූර්ණ කළ නව සාමාජිකයන් හට ඉදිරියේදී වගකීම් පැවරෙනු ඇති බවත් පවසන ලදී. එමෙන්ම, මෙම සුවිශේෂි පුහුණුව සාර්ථකව අවසන් කිරීම සඳහා 30 වැනි සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින්ගේ පවුල්වල සමීපතමයින්ගෙන් ලැබුණු සහයෝගය අගය කළ මාණ්ඩලික ප්‍රධානී, එම කණ්ඩායම සාර්ථකව පුහුණු කරවීම සඳහා දායක වූ පුහුණු උපදේශක කාර්ය මණ්ඩලය වෙතද සිය ප්‍රණාමය ඵල කිරීමට කටයුතු කෙරිණි.
මෙම ලාංඡන පැළඳවීමේ උත්සවයට සමඟාමීව, සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් 30 වැනි සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් කුඩා යාත්‍රා උපයෝගී කරගනිමින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීමේ සහ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සිදුකිරීම පිළිබඳ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් සිදුකෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක් විය.
තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රුවන් රූපසේන, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කොමදෝරු චමින්ද කරුණාසේන, වයඹ නාවික විධානයේ හා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, පාඨමාලාව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයන්ගේ දෙමව්පියන් හා සමීපතමයින් පිරිසක් සහ ප්‍රදේශයේ පාසැල් සිසු දරු දැරියන් පිරිසක් සහභාගී වී සිටියහ.













