ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ යුද නෞකාව දිවයිනට පැමිණෙයි
ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද දින (2026 සැප්තැම්බර් 09) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙලෙස දිවයිනට පැමිණි Landing Helicopter Aircraft වර්ගයට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ යුද නෞකාව දිගින් මීටර් 180ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Marco GUERRIERO කටයුතු කරනු ලබයි.
තවද, මෙම යුද නෞකාව දිවයිනේ රැදී සිටින කාලසීමාව තුල එහි අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති හමු වීමට නියමිතව ඇත.
1 /
6













